උතුමන්ලාගේ දරුවන්ට වරප්‍රසාද දියාව්…….
තැන රජයේ පාසලක්ලු. ඒකෙ විනය ගැන බලන්න ඉන්නෙ තමන් දිහා බලල හැදෙන්න කියල ඇත්තටම කියන්න පුළුවන් මනුස්සයෙක්. ආදි සිසයොයි වර්තමාන සිස්සයොයිනම් ඒ ගැන උපරිමේට සතුටුයි දැංවත් ඕක හැදෙයි කියල. ඕකෙ තව ඉන්නව පපට්ට කියල කස්ටියක්.
දැන් ඔය පපට්ල ගියාලු 8ටේ 9යෙ කොල්ලංගෙ සපත්තුවල ඇණ බැජ් වගේ ඒව ගලවන්න. දැං ගලවන වැඩෙත් නැගල යනවලු. ඒ අස්සෙ එකෙක් කීවලු මම “අහවල් නියෝජ්‍ය උතුමගෙ පුතා” කියල. ඒත් පපට්ල සැලිල නෑ. උං කොල්ලගෙ සපත්තුත් විනයවත් කරල.
පස්සෙ අර නියෝජ්‍ය උතුමා කියනවලු “දැං ඔය ජාතික වෘක්ෂයේ මලේ නම තියන කොල්ලෙක් ඉන්නවනෙ. උගෙ තාත්ත මහා උත්තමයනෙ. ඒ උනාට පාලක මණ්ඩලේ එකෙක්වත් කියනවද උට කොණ්ඩෙ කපං එන්න කියල?”
නියොජ්‍ය උතුමගෙ කතාව ඕක අහල රසවින්ද අපිටනම් තේරුණේ නෑ. ඔයාලට තේරුණාද?










