පොඩි වැඩක් කරා (Rawana CMS)

0

Posted by chanakalin | Posted in Uncategorized | Posted on 05-10-2010

මම ගොඩක් ආස පැත්තක් තමයි වෙබ් ඩිවෙලොපින් කියන්නෙ. ඒත් එක්කම කෝස් එකක් කියල කරෙත් වෙබ් විවෙලොපින් විතරයි. ඒකනම් කරේ SLIIT එකේ short course 1k විදිහට. වියදමක්නම් උනේ නෑ. එයාලගෙ anniversary එකට තිබුන software competition එකේදි self learning tool එකක් හදල අපිට gift vouchers දුන්න. ගුරුවරය නම් ප්‍රභාත් කියල සර් කෙනෙක්. ඉන්නෙනම් නුවර පැත්තෙ. එයාගෙ අන්තිම SLIIT ගෝලයො ටික තමයි අපි. අපි ඒ අතින් වාසනාවන්තයි. මොකද කියල දුන්න ටික නියමෙටම කියල දුන්න. ගොඩක් කෝස් වල වගේ මොකක් හරි සොෆ්ට්වෙයා එකකින් විතරක් වැඩ කරන්න නෙවෙයි අපිට ඉගැන්නුවෙ ඕනෙම දේකින් ඕනෙම දෙයක් කරන්න.

එතනදි අපිට කරේ C#.net එක්ක MS Access ඒත් ඉතින් ලිනක්ස් විතරක් පාවිච්චි කරන මට ඒකෙන් වැඩ කරන්න බෑනෙ. ඉතින් මම සුන්දර නිර්මාණ දෙකක් ඒ වෙනුවට  පාවිච්චි කරා.

C#.net        >>   PHP
MS Access   >>   MySQL

අන්තිමේ සේරම කරල ඉවරඋනාම හිතුන පොඩි වැඩක් කරන්න ඕන කියල. වෙන මොකක්වත් නෙවෙයි CMS එකක් හදන්න.   පටන්ගත්ත. කරා. ඒත් අසාර්තකයි. ගොඩක්ම බැලුවෙ දැනට තියන CMS වලින් කරන්න අමාරු දෙවල් ලේසි කරන්න. ඒ අතින්නම් මම තරමක් දුරට දිනුව කියන්න පුළුවන්. මොකද කිසිම pluging එකක් නැතුව Java Applet, Flash movies පාවිච්චි කරන්න පුළුවන් වෙන්නම මම ඒක හදපු නිසා.

දුන්න නමනම් Rawana CMS. ඒ නම දෙන්න විශේෂ හේතුවක් තියනව. මොකද මම හිතන විදිහට රාවණා කියන්නෙ ලංකාවෙ බිහවුණා කියන මුල්ම ඉංජිනේරුව.  ඕනෙම කෙනෙක්ට ගන්න පුළුවන් වෙන්න SourceForge.net එකට දැම්ම. http://rawana.sf.net වලින් අරගන්න පුළුවන්. පොඩි ට්‍රයි එකක් දැම්මොත් එහෙම කියන්න. මම ඒක තවතව හදාගෙන යනව. මොකද මම මේක හදන්න මූලිකව හේතු වෙච්ච අපේ ඉස්කෝලෙ සයිට් එක කරන්න මේක flexible මදිඋනා.

බදාගෙන කනවට වඩා බෙදාගෙන කෑම හොඳයිනෙ. ඒ නිසා මේක හොඳට හදපු දවසක කවුරු හරි වැඩක් ගනී කියල හිතල දිගටම කරන් යනව.

Write a comment