Ifo ගැන මට හිතෙන දේවල්

0

Posted by chanakalin | Posted in Uncategorized | Posted on 31-10-2010

Ifo ගැන කීවොත් නම් නියමයි. මොකද UCSC එකෙන් සංවිධානය කරල තිබුන වැඩමුළු ටික අපිට  ගොඩක් වටිනවා. ඒත් එක්කම පිටස්තරයා හම්බඋනා. මම බ්ලොග් ලියන්නෙක් විදිහට අඳුරගත්ත. මම හිතන්නෙ දකින්න ඇත්තෙ බ්ලොගර්වල මගේ නමින්ම බ්ලොග් ලීව කාලෙ වෙන්න ඇති. ආයෙ හන්තාන ලිනක්ස් 14 සංස්කරණය හම්බඋනා.

වැඩමුළු ගැන කීවොත් සහභාගී වෙච්ච හැමෝම වටිනව කියල තමයි කියල ගියෙ. මම සහභාගී වෙච්ච වැඩමුළුව පටන්ගත්තෙ 9.10ට. මම කෑම කන්න එතනින් නැගිට්ටෙ 3.00 විතර. ඒත් ඒ වෙනකම්ම වෙලාව ගියා කියල දැනුණෙ නෑ. ඒ තරමටම සුපිරි දේශන ටිකක් ඒ අයියල කරා.

උදේම තිබුණෙ LogicGates ගැන. ඊටපස්සෙ ජාවා ඒවත් සුපර් කියන්න පුළුවන්.

පයිතන් දේශනය කරපු අයිය (අසංක කියල කෙනෙක්) අපි පයිතන් ගැන ගොඩක් නොදන්න දේවල් කරා.

තව චමිල කියල අයිය කෙනෙක් ලිනක්ස් ගැන දේශනයක් කරා. ඇත්තටම හොඳයි. ඒත් එයාගෙ එක අදහසක් ගැනනම් මම විරුද්ධයි. එයා කීව debian based මෙහෙයුම් පද්ධති rpm based මෙහෙයුම් පද්ධති වලට වඩා හොදයි කියල. මටනම් ඒකට එකඳ වෙන්න බෑ. මම ඔය දෙකම පාවිච්චි කරනව. එක එක්කෙනාගෙ රුචි අරුචිකම් එක්ක තමයි ඒක තීරණය වෙන්නෙ. ඒත් එයාගෙ දේශනයෙන් එක පාසැලක්නම් හොඳටම වැඩක් ගත්ත කියන්න පුළුවන්. හලාවත කාමෙල් බාලිකා විද්‍යාලයෙ සර් මුල ඉඳන්ම ගොඩක් දේවල් ඒ දේශනය අතරතුරදි සටහන් කරගන්නව මම දැක්ක. තවත් අය ඒ දේම කරන්න ඇති. ගොඩක්ම ඒ සර්වම මොනිටර් උනේ මගෙ O/L පන්තියෙ හිටපු යාළුවෙකුට A/L ICT කරන්නෙ එයා නිසා මම ටිකක් වැඩිපුර සර් ඉන්න පැත්ත බැලුව.

හන්තාන ලිනක්ස් ස්ටෝල් එකට මම යද්දිනම් ටිකක් හවස් වෙලා. PHP+MySQL දේශනය කට් කරල තමයි ගියෙ. මට ගොඩක් වෙලා එකදිගට ඉඳගෙන ඉන්න බැරි අමාරුවක් තියනව. ශරීරෙ ටිකක් විතර අලියා ලකුණට සමාන නිසා කියල තමයි වෛද්‍ය අදහස්නම්. මම යද්දි හිටියෙනම් ගයාන් කල්හාර , ගයාන් තාරක එක්කල remix.lk කරන ඉසුරු බුද්ධික අයියල විතරයි. බනී සහෝදරය එහෙම බ්‍රහස්පතින්ද විතරයි ඇවිත් තියෙන්නෙ.

කොහොමහරි ගෙදර එන්නත් ආව. වැස්ස නිසා ඒත් එන්න වුණේ බස් එකේ. එපාවෙන වැඩේ කියන්නෙ රදාවඩුන්නෙ බවුසරයක බස්එකක් හැප්පිලා පැයක් විතර බ්ලොක්. අන්තිමෙ ගෙදර එද්දි 9.45 PM. හිත්ගන්න පුළුවන්නෙ කට්ට. (මම උදේ ගෙදරින් යද්දි 5.30) ඒත් ඒ ගමනෙන් මට ගොඩක් දේවල් ලැබුණ කියන්නනම් පුළුවන්.