Posted by chanakalin | Posted in Uncategorized | Posted on 26-11-2010
ඉපදෙන දරුව ගැහැණුද ? පිරිමිද ?
ප්‍රශ්නයක් නේද ? චීන ක්‍රමේකට පොඩි වැඩක් කරා ගිහින්ම බලන්නකෝ http://chanakalin.wordpress.com/g-o-b/
ඉපදෙන දරුව ගැහැණුද ? පිරිමිද ?
ප්‍රශ්නයක් නේද ? චීන ක්‍රමේකට පොඩි වැඩක් කරා ගිහින්ම බලන්නකෝ http://chanakalin.wordpress.com/g-o-b/
ඊයෙ කාලෙකට පස්සෙ ITN එකේ රෑ ගියපු වැඩසටහනක් බැලුව. “සංහිඳ”, ඊයෙ ගියෙ ක්ලැරන්ස් විජේවර්ධනයන් ගැන. ඉතින් ඒ නිසාම ක්ලැරන්ස් ගැන මට හිතෙන දේවල් ලියන්න හිතුව.
මම මුලින්ම ක්ලැරන්ස් විජේවර්ධනට ආදරය කරන්න පටන්ගත්තෙ “කඳසුරිඳුනි” ගීතය අහල. ඊට පස්සෙ තව තව ඒව අහල ඒ ආදරය තවත් වැඩි උනා. වැඩිපුරම “පියඹා යනවා මා ආකාශයේ” ගීතයට.
http://www.divshare.com/download/13285036-cea
ඒත් එක්කම තව දෙයක් දැනගත්ත. ඒ තමයි ටී.එම්.ජයරත්න ගායනා කරන “රුවට රුවේ සකුරා ඉවුරේ” ගීතයට තනු නිර්මාණය කරේ ක්ලැරන්ස් විජේවර්ධන කියන එක. මම ඒ සිංදුවට ගොඩක්ම ආස ඒකෙ සංගීතය අමුතුම එකක් නිසා. ඒ කියන්නෙ මම නොදැනුවත්වම ඒ තැනට ගෙනත් තියෙන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන.
අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ ක්ලැරන්ස් විජේවර්ධන කියන්නෙ සංගීත ලෝකයේ සුපිරි වැඩකාරයෙක් කියල. මොකද ඔහුට ගීත ගායනය, රචනය, තනු නිර්මාණය විතරක් නෙවෙයි අමුතු ආරකට රිදම් ගිටාර් එක වාදනයක් පුළුවන් වෙච්ච නිසා.
ලඟදි අපේ ඉස්කෝලෙ පොලක් තිබ්බ. බෝතලේට වලල්ල දැමිල්ල වගේ සාම්ප්‍රදායික ක්‍රීඩා ටිකත් තිබුණ. අපේ පන්තියෙ ඉන්නෙ ලමයි 9දෙනයි. තනියම වැඩක් කරන්න බෑනෙ. ඉතින් අපිව වෙන පන්තියක් එක්ක එකට පොල කරන්න දැම්ම. ඒ පන්තියෙ ක්ලාස් ටීචර් අපිට ICT කරන ලක්මිණි මැඩම්. ඉතින් අපිත් ICT වලිනුත් මොකුත් කරන්න ඕනෙනෙ. මමත් හැදුව පොඩි ක්‍රීඩා දෙකක්.මොකේටවත් නෙවෙයි ඉතින් එව කට්ටියගෙන් දතගලවන්නම තමයි. ආදායමනම් මදි. ඒත් හිතට හරියන ගානක් ලැබුන. NFS තැන් දෙකක ගහන්න දීලත් 300 හොයද්දි මම අංකෙ ලක් බලලම 116ක් තනියම හෙව්ව. අතිනෙ නේද ?
ඉන්ටෆේස් හදන්න ඕනෙ නිසා පාවිච්චි කරේ ජාවා. මොකද මට වෙන language එකක් බෑ.
ඕන්න පලවෙනි එක. ට්‍රික් එක තමයි. මේක තියන ෆෝල්ඩරයේම තියන chance කියන text file එකේ අගය 3 උනොත් දිනනවා කියන එක.
අනික නම් ෆ්ලෑෂ් ගේම් එකක් වගේ හදපු එකක් දැක්කම කට්ටිය අඳුරගනියි. මේකත් කියන folder එකේම තියන maxmin කියන text file එකෙන් timer එකේ count down එක වෙනස් කරන්න පුළුවන් මිනිත්තු වලින්. ඕකෙනම් මට පේන විදිහට බග් එකක් තියනව ප්‍රහේලිකාව හරියට හදල ඉවර උනාට පස්සෙ.
දෙකේම කොඩ් ෆයිල් http://www.mediafire.com/?671ns0zr83tyhb5 වල තියනව. හැබැයිමේ දෙකම රන් වෙන්න ජාවාවලට සිංහල යුනිකෝඩ් සහයෝගය හදල තියන්න ඕනෙ. ඒ ගැන විස්තරයක් http://groups.google.com/group/sinhala-unicode/browse_thread/thread/51466ae3dc073228/?pli=1 වල තියනව. (ටෙක්කතා ගූගල් සමූහයෙ)
බලලම කියන්නකෝ…..





