අහෝ දුකකි මහා විපතකි…..

0

Posted by chanakalin | Posted in Uncategorized | Posted on 30-12-2010

මේ දවස්වල මම පොඩි වැඩක් කරගෙන යනව. කරන්නෙනම් Java එක්ක MySQL ඩේටාබේස් එකක් පාවිච්චි කරල. මේකෙ ගොඩක් තැන්වල Table පාවිච්චි කරන්න වෙන හින්දයි ඒව සේරම එකම පිලිවෙලකට තියාගන්න ඕනෙ නිසයි  වෙනමම class එකක් හදාගත්ත CustomTable කියල. ඒකෙන් කරන්නෙ database එකේ table එකක් read කරල ඒකෙ විදිහට background color, foreground color, font එහෙම හදාගන්න එක.

දැන් ඔන්න මම එකතැනකට මේක කේල් කරල ගත්ත. මුලින්ම පාවිච්චි කරෙත් එතනම තමයි. දැං ඕං කම්පයිල් එහෙම කරල රන් කරා. මෙන්න බොලේ එකපාරටම එරර් එකක්. කස්ටිය දන්නවනෙ ජාවා වල SQL statement එකක් execute කරද්දි try & catch බ්ලොක් එකක් ඇතුලෙ දාන්න ඕනෙ කියල. ඉතින් බග්ස් හොයාගන්න ලේසිවෙන්න කියල මම ඕව සේරගෙම catch ඇතුලෙ දැම්මෙ MessageDialog එකක එරර් එක පෙන්නන්න. ඇයි ඉතින් දැක්ක කෙනාට ලේසියෙන්ම පුළුවන්නෙ screenshot එකක් අරං දෙන්න.  ඕං ඔය පල්ලෙ තියනව වගේ ආපි MessageDialog එකක්.

මට ආව ප්‍රශ්නෙ දැං මේකෙ මොකවත් නැති එක. අද උදේ ඉඳලම මේක හදන්න බැලුව. බැලුව බැලුව මොකුත් පේන්න නෑ. අනිතිමේ තමා දොසෙ අහුවුණේ. බැලින්නම් මම සූටි වැරැද්දක් කරල. CustomTable class එකේ විදිහට ඒකට වෙනම stmt කියල databse එකට ඇක්සස් කරන්න statement එකක් පාස් කරන්න ඕනෙ. බැලින්නම් මම ඒක කරල නෑ. CustomTable ඇතුලෙ statement එක default තියෙන්නෙ null කියල. ඉතින් ඒක තමා මොකුත් නැතුව මැසේජ් ඩයලොග් එක ආවෙ. ඔය පස්සෙ රතුවට මාක් කරපු ලයින් එක දාල නැති නිසා තමයි මම දවසක්ම කට්ට කෑවෙ.

සහෝදර සහෝදරියනි,
කොරනා සියල්ල දැඩි අවධානයෙන් සිදුකිරීමෙන් නොවේ මෙවන් විපත්.