Twitter API සහ PHP

0

Posted by chanakalin | Posted in Uncategorized | Posted on 24-01-2011

මට Twitter එක්ක PHP සම්බන්ධ කරන්න උණක් ඇතිවුණේ අපේ දේදුනු සහෝදරය දාපු පෝස්ට් එකක් නිසා. ඒ උනාට මට වැඩේ හරිගියෙ නෑ. ඔය අතර තමයි Services_Twitter ගැන දැක්කෙ ගූගල් මලයගෙන්.  දැන් මට ඉවසිල්ලක් නෑ. මේ දවස්වල රාවනා ගැනම හිත හිතා ඉන්න නිසා වෙලාවකුත් නෑ. ඕනෙ ඇටිකෙහෙලක් වෙද්දෙන් කියල අද බැලුව Services_Twitter වලින් වැඩක් ගන්න. දැං මම පොර වගේ pear වලින් ඕනෙ පැකේජ් ටික ඉන්ස්ටෝලුත් කරගත්ත.

Twitter වල Application එක රෙජිස්ටර් කරන්න ගියාම තමා හඳේ හාව මතක් උනේ. මගෙ දේවල් තියෙන්නෙ http:127.1.1.4 කියල මේ මැසිමෙම Apache උඩ. 000webhost ගිණුම මතක් උනේ ඒ වෙලාවෙ. දැං කොහොමද එතන pear පැකේජ් ඉන්ටෝල් කරන්නෙ. සදා සොත්ති තමා. ඒ පාර පොඩි කට්ටක් කාල kate වල find in files ඔප්ෂන් එකේ පිහිටෙන් වැඩේ අනාගන්නෙ නැතිව කරගත්ත.

දැං කරන්න තියෙන්නෙ require හරි include හරි කරද්දි ‘Services_Twitter/Twitter.php’ (pear පැකේජ් එක පාවිච්චි කරද්දි) වෙනුවට  ‘./inc/Twitter.php’ කියල දාගන්න එක මෙතන තියන zip file එක එතන extract කරල. ඔය index_2.php කියල තියෙන්නෙ මම අත්හදා බලපු කෝඩ් එක. ඒක බලාගත්තෙනම් http://www.phpkode.com/tips/item/create-a-php-based-twitter-client-with-the-pear-services_twitter-package/ වලින්.

ඕනෙ කට්ටියට තියෙන්නෙ අරං පාවිච්චි කරන්න විතරයි. http://www.mediafire.com/?e9xf5ivabn5f6h9