Posted by chanakalin | Posted in Uncategorized | Posted on 27-02-2011
මීට අමතරව පරිගණක ක්‍රමලේඛනය සඳහා භාවිත කරන C++, Python, PHP, Ruby on Rails, OpenJDK මෙන්ම ලොව බහලුව භාවිත කරන Apache වෙබ් සේවා දායකය, MySQL දත්ත සමුදාය කළමණාකරන සේවාදයකය, ජාලය ගොණු කළමනාකරණයට අවශ්‍ය NFS සහ SAMBA සේවාදායක යනාදිය ද මෙහි අඩංගු වීම සුවිශේෂී කරුණකි.
නම් මෙහි අඩංගු වන SELinux (Security Enhanced Linux) ආරක්ෂණ කළමනාකරණ පහසුකම සක්‍රීය කර ගැනීමට ද හැක. එසේම, අවශ්‍ය නම් වෙනත් ලිනක්ස් පද්ධතියක් හෝ වෙනත් වින්ඩෝස් හෝ මැක් වැනි මෙහෙයුම් පද්ධතියක් මෙහි ඇති Kernel-based Virtual Machine (KVM) ඔස්සේ භාවිත කිරීමට ද හැක.
මෙහි, කාර්යාලීය යෙදුම් කට්ටලයට අමතරව ව්‍යපෘති කළමණාකරනයට හා ගෘහස්ත හෝ පුද්ගලික ගිණුම් කළමණාකරනයට අවශ්‍යය මෘදුකාංග ද එක්කර ඇත. එසේ ම ශ්‍රව්‍ය සහ දෘශ්‍ය සංස්කරණය කිරීම් සහ භාවිත සඳහා මෙවලම් රැසක් එක්කර ඇත. එමෙන් ම පද්ධතියට අවශ්‍ය කිරීම් ලබා ගැනීම සඳහා අන්තර්යාලයට සම්බන්ද වීම පමණක් සැහෙන අතර ම, අන්තර්ජාල පහසුකම් සහිත සම තත්ත්වයේ හන්තාන ලිනක්ස් පද්ධතියක් හරහා අවශ්‍ය මෘදුකාංග ලබා ගැනීමට ද හැකියාව ඇත.
පාසැල් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යපානික කටයුතු සහ සාමාන්‍ය භාවිතයට සුදුසු ලෙස සකසා ඇති හන්තාන ලිනක්ස් ඉදිරියටත් අඛණ්ඩ ක්‍රියාත්මක වන සහ වීමට සැලසුම් කර ඇති ප්‍රජා ව්‍යාපෘතියකි. මෙම ව්‍යපෘතිය පිළිබඳ තොරතුරු www.hanthana.org වෙබ් අඩවියෙන් ද, ප්‍රජා වැඩසටහන් පිළිබඳ තොරතුරු blog.hanthana.org යන හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ නිළ බ්ලොග් අඩවියෙන් ද ලබා ගත හැක. හන්තාන පරිශීලක සමූහයට සම්බන්ධ විමෙන් ඔබට, ඔබේ ගැටලු ඉදිරිපත් කර උදව් ලබා ගැනීමට හැකි අතර ප්‍රජාවට උපකාර සැපයීමෙන් දායක වීමට ද හැක. මෙම මෙහෙයුම් පද්ධතිය පාසැල් ජාලය ඔස්සේ ද, ලබා ගැනීමට දැන් කටයුතු සලසා ඇත. හන්තාන ලිනක්ස් පාසැල් ජාලය තුළින් ලබා ගැනීම සඳහා මෙම සබැඳිය භාවිත කරන්න.
හන්තාන ලිනක්ස් තිරපිටපත් මෙතනින් බලන්න
පසුගිය පෙබරවාරි 4 වැනි දින සිට පුරා දින 7ක් බුත්තල දී පැවැත්වුණු දැයට කිරුළ 2011 අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ ඒකකය විසින් හන්තාන ලිනක්ස් හදුන්වා දීම සිදු කරන ලදි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රදර්ශන කුටි වෙත පැමිණි අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාට තොරතුරු තාක්ෂණ ඒකකයේ ප්‍රධානී අධ්‍යාපන අධ්‍යක්ෂක නීල් ගුණදාස මහතා විසින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය අධ්‍යාපන කටයුතු සඳහා වැදගත් වන අයුරු පැහැදිලි කෙරුණි











