ජාතික පාසල් මෘදුකාංග තරඟාවලිය සහ අසාධාරණ කොන්දේසි

2

Posted by chanakalin | Posted in අදහස් | Posted on 30-09-2011

මේක ලියන්නෙ ටිකක් ලේ රත් වෙලා තියන වෙලාවක. ඒක නිසා කාට හරි වැරැද්දක් වෙනවනම් සමාවෙන්න ඕනෙ මුලින්ම. හැමෝම දන්නවනෙ මේ පාර අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සංවිධානය කරපු පාසල් මෘදුකාංග තරඟාවලියෙන් ජයග්‍රහන දෙකක්ම දුෂ්කර ප්‍රදේශයක පාසලක් අරන් තියනව කියල. මුලින්ම එයාලට සුභ පතනව. හැබැයි අපේ IT club එකෙන් ඉදිරිපත් කරපුව එකක්වත් පළාත් වටයටවත් තේරුණේ නෑ. ඒ ගැන කියල තමයි ඊයෙ මට කෙනෙක් කීවෙ “දොටේ උන් කප් ගහද්දි උඹල මෙතන ……..<<<ශිෂ්ට නොවන වචන භාවිතා වූ බැවින් මකා දමන ලදි :P>>>………” කියල.

ඒ තරඟෙදි අපේ පාසලේ ඉදිරිපත් වීමත් ගොඩක් අඩු මට්ටමක තියෙන්නෙ. එකම හේතුව “මයික්‍රොසොෆ්ට් නිෂ්පාදන පමණක් භාවිතා කිරීම” කියන කොන්දේසිය. ස්වයං අධ්‍යන වැඩසටහනක් හදද්දි අනිවාර්යයනේම E 5 සංකල්පය එක්ක තමයි හදන්න වෙන්නෙ. නැත්නම් ඒකෙන් භාවිතා කරන්නාට හොඳටම තමන් ගන්න දේ ගන්න අමාරුයි. ඒත් කලින් කීව කොන්දේසියත් එක්ක ඒ දේ කරන්න අමාරුයි. අපේ අය ගොඩක් ස්වයං අධ්‍යන වැඩසටහන් නිර්මාණය කරන්න පුරුදු වෙලා තියෙන්නෙ Flash මෘදුකාංගයත් එක්ක. හේතුව ඒකෙන් දීල තියන පහසුකම් එක්ක වැඩ කරන්න තියන වපසරිය වැඩිය flash action script එහෙම භාවිතා කරල.

උදාහරණයක් ගත්තොත් අපි 11 වසර විද්‍යාව ඉලෙක්ටොනික් කොටසෙ අර්ධ සන්නායක ගැන ඉගෙනගන්න නිර්මාණය කරපු  වැඩසටහනක PN සන්ධිය P වර්ගයේයි N වර්ගයෙයි අර්ධ සන්නායක කෑලි දෙකක් එක ලඟට ගෙනත් එකතු කරල හදන්න දීල තිබුණ. හදල ඉවර උනාට පස්සෙ තමයි සන්ධියෙ Depletion layer එක එතන හැදෙන විදිය ගැන ඇනිමේෂන් එකක් පෙන්නන්නෙ. ආයෙ උෂ්ණත්වය වෙනස් කරන්න තියන slider එකකින් උෂ්ණත්වය වැඩි කලාම doping වෙන විදිය බලාගන්න පුළුවන්. E 5 වල Engaged කියන දේ නැත්නම් ස්වයං අධ්‍යන වැඩසටහනකින් ගන්න පුළුවන් ප්‍රයෝජනය ගොඩක් අඩුයි.

මේක විවේචනයක් නෙවෙයි. මම මයික්‍රොසොෆ්ට් නිෂ්පාදන නරකයි කියන්නෙත් නෑ. අධ්‍යාපන අමාත්‍යාංශය මේකට මයික්‍රොසොෆ්ට් ආයතනය එක්ක අත්වැල් බැඳගන්න එක හොඳ නෑ කියන්නෙත් නෑ. හැබැයි ඒව පාවිච්චි නොකරන පිරිසකුත් ඉන්නව. විශේෂයෙන් පාසල් ශිෂයින්. ඉතින් මේ කොන්දේසිය ඒ අයට කරන අසාධාරණයක් නේද ? ඉස්කෝලෙ උගන්නන්නෙ නැති දෙයක් තනියම ඉගෙනගත්ත කෙනා ඒකෙන් තමන්ටයි ලෝකයාටයි වැඩක් කරන එක නැවතෙනව නේද ?

“මයික්‍රොසොෆ්ට් නිෂ්පාදන පමණක් භාවිත කල යුතුයි”
කියන කොන්දේසිය ඉවත් කරන්න ඕනෙ නේද?

මොකද කරන කෙනා ඕක JQuery + HTML වලින් හරි කරනව.