මේ ලඟදි අපේ පාසලට ප්‍රදර්ශණයකට ආරාධනාවක් ලැබුණ. මාතෘකාව වුණේ “කෘෂිකර්මාන්තය සඳහා තොරතුරු තාක්ෂණය”. අපි හැදුවෙ හරිතාගාරයක පරිසර තත්වයන් පාලනය කරන්න ස්වයංක්‍රීය පරිගනක වැඩසටහනක්. අපි බලාපොරොත්තු වුණේ උෂ්ණත්වය, පාංශු ජල මට්ටම, ආලෝකය හරිතාගාරය ඇතුගෙ ආහාර නිෂ්පාදනයට බාධාවක් ඇති නොවන විදියට පාලනය කරන්න. හරිතාගාරයක්ම තෝරගත්තෙ විවෘත ගොවිපොලක පාංශු ජල මට්ටම ඇරෙන්න අනිත් තත්ව පාලනය කරන එක ටිකක් අමාරු නිසා.
මුලින්ම අපි කලේ පරිපත කොටස් නිර්මාණය කරගත්ත එක. ඒකෙදි පරිසර උෂ්ණත්වය, පාංශු ජල මට්ටම, ආලෝක මට්ටම පරිගනකයට ලබාදෙනව. විදුලි පංකාවකුයි, හීටරයකුයි, වතුර පොම්පයකුයි, LED සෙට් එකකුයි පරිනකයෙන් ලැබෙන උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වෙනව. විදුලි පංකාවෙ වේගය අඩුවැඩි කරන්න ඕනෙ නිසාත්, පරිගනකයට සම්බන්ධ කරගන්න ඕනෙ නිසාත් අපි මේකට මයික්‍රෝකන්ට්‍රෝලරයක් පාවිච්චි කලා. පරිගනකයත් එක්ක සම්බන්ධ කලේ Serial port එක හරහා.
ඊලඟට තමයි පරිගනක වැඩසටහන නිර්මාණය කලේ. එතනදි අපිට ආව ප්‍රශ්න තමයි ඒ වෙද්දි අපිට වැඩි කාලයක් ඉතිරි වෙලා තිබුනෙ නැති එක. ඉක්මණින්ම වැඩේ කරගන්නත් ඕනෙ වුණා. අනික serial port එක හරහා දත්ත ලබා ගන්නයි යවන්නයි ඕනෙ වුන එක. ඒ නිසා අපි පාවිච්චි කරේ Python ක්‍රමලේඛන භාෂාව. Serial port එකත් එක්ක සන්නිවේදනය කරන්න පාවිච්චි කලේ PySerial module එක. එතනදි ආව ප්‍රශ්නෙ මේක Text mode තියන එක සාර්ථක වැඩක් නොවෙන එක. අනිවාර්යයෙන්ම අතුරුමුහුණතක් නිර්මාණය කරන්න ඕනෙ. එතනදි කරේ PyGTK module එක පාවිච්චි කරල GTK widget වලින් අතුරුමුණතක් හදපු එක.
අපි මේකෙ පරිගනක වැඩසටහන develop කරන්නයි, run කරන්නයි පාවිච්චි කලේ Hanthana Linux මෙහෙයුම් පද්ධතිය. ඒකට හේතුවක් උනේ Python ක්‍රමලේඛන වලට හොඳටම පහසුකම් ලබාදෙන Stani’s Python Editor (SPE) IDE මෘදුකාංගය ප්‍රකෘතියෙන්ම හන්තාන ලිනක්ස් මත ස්ථාපනය කරල තියන එක. අනිත් කාරණේ PyGTK උනත් හන්තාන ලිනක්ස් මතදී වෙනම ස්ථාපනය කිරීමක් නොකර භාවිතා කරන්නට හැකිවීම. PyGTKත් ප්‍රකෘතියෙන්ම හන්තාන ලිනක්ස් වලට ලබා දීල තියනව.
මේකෙන් කලේ උෂ්ණත්ව අගය ලබාගෙන අවශ්‍ය උෂ්ණත්වට වැඩිනම් හෝ අඩුනම් විදුලි පංකාව ක්‍රියාත්මක කරන එක. එතනදි විදුලි පංකාව ක්‍රියාත්මක වෙන් ඕනෙ වේගයත් පරිපතයට ලබාදෙනව. නියමිත උෂ්ණත්ව ප්‍රමාණයට වඩා අඩුනම් තව හීටරයත් ක්‍රියාත්මක කරනව. නියමිත උෂ්ණත්ව ප්‍රමාණය Slider එකකින් වෙනස් කරන්න තිබුණෙ. ආයෙ පාංශු ජල මට්ටම නියමිත ප්‍රමාණයට වඩා අඩුනම් වතුර පොම්පය ක්‍රියාත්මක කරනව. ආලෝක මට්ටමත් නියමිත ප්‍රමාණයට වඩා අඩුනම් LED සෙට් එක ක්‍රියාත්මක කරනව.
මේක හදන්න අපිට ගොඩක් දෙනෙක් උදව් කලා. විශේෂයෙන් අපිට තොරතුරු තාක්ෂණය උගන්වන ලක්මිණි මැඩම්, ලක්මාලි මැඩම්, දිල්හානි මැඩම්, නදීක මැඩම්. තව මේකෙ ක්‍රියාකාර්ත්වය ගැන කියල දීපු උසස් පෙළ කෘෂි විද්‍යාව උගන්වන ජිනාදරී මැඩම්වත්, ජීව විද්‍යාව උගන්වන ගීතා මැඩම්වත් මතක් කරන්න ඕනෙ.
පහල ඉන්නෙ මේක නිර්මාණය කරන්න සහභාගී උන අයගෙන් ටික දෙනෙක්. හදපු කණ්ඩායම තමයි සචින්ත, සමීර, මයන්ත, අදීෂ තව මැටි වලින් සේරම නිර්මාණ කරපු කලණවත් මතක් කරන්න ඕනෙ.















he.. he.. apith enne ela ela..
සිංහබාගෙත් ෆොටෝ එකක් දැම්මනම් හොඳයි. පොරගෙ එකක් වත් මම ලඟ නෑ.
නියමයි මචන්! සුබපැතුම්!
ස්තූතියි මචන්!!
Nice
Thanks Sulochana !!
http://www.rasika.tk/2011/11/blog-post.html මෙන්න මමත් ලිව්වා
උඹ අර අන්තිම ෆොටෝ එකෙන්නම් මාව කාල
ඔය පරිපත හදා ගන්න විදිය.. ප්‍රොග්‍රැමින් එක ලියන විදිය.. ඒ ටිකත් පැහැදිලි කරා නම් තමා වටින්නෙ.. මං දන්නැ එව්වට කාලය තියෙනවද කියලා හැබයි
සුභ පැතුම්!
මේ වගේ නිර්මාණ ඉදිරියටත් හදන්න.
අගනා වැඩක්..
අපෙනුත් සුබපැතුම්..
තව තව අලුත් නිර්මාණ එළිදැක්වීමට හැකිවේවා!!
ස්තූතියි අයියෙ
great work
Thanks!!
තොරතුරුතාක්ෂණ විෂය පාසල් පද්ධතියතුල සැබෑලෙස භාවිතාවකට හොද ආදර්ශයක්!….. පුතේ ඔයාලට මගේ සුබ පැතුම්!
ස්තූතියි සර්!!
good luck chanaka aiya,..