Arduino එක්ක වෙසක් සැරසිල්ලක්

7

Posted by chanakalin | Posted in Arduino, Linux, Robotics, නිර්මාණ | Posted on 11-05-2012

මේ දවස් වල වෙසක්නෙ. 8 වසරෙ වෙසක් වලට ගෙදර කූඩුවක් හැදුවට පස්සෙ මම වෙසක් වලට මොකුත්ම කරල නෑ. හැම පාරම ඉස්කෝලෙ. මේ පාර වෙසක් වලට ඉස්කෝලෙ මොකුත් කලේ නැති නිසා ගෙදර වැඩක් කරන්න හිතුව. කොහොමත් මට කූඩු හැදිල්ල එච්චර දිරවන්නෙ නෑ. එක පාරටම හිතට ආවෙ පාවෙන නැවක ආකෘතියක් හදල බල්බ් ටිකක් ඒක වටේට හරි කරල දාන එක. වැඩේට ඕනෙ කරගොඩක් දේවලුත් ගෙදරම තිබුන එක එක වැඩ වලට ගෙනල්ල. බල්බ් වලට LED දාල පොඩි නැවක් හදන්න තමයි මුල ඉඳන්ම බලාපොරොත්තුව තිබුනෙ.

මුලින්ම ඉතින් පුරුදු විදියට ප්ලෑනක් ගැහුව. නැව පාවෙනව වගේ උඩට පහලට පද්දන්නයි, කුණාටුවක ඉෆෙක්ට් එක දාන්නයි, LED වලට රටා දෙක තුනක් දෙන්නයි ඕනෙ නිසා මයික්‍රොකන්ට්‍රෝලරයක් පාවිච්චි කරන්න වෙනව. වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් නිසා Arduino බෝඩ් එකක් තමයි පාවිච්චි කලේ. අනික ප්‍රෝග්‍රෑම් කරගන්නත් ලේසියි C libraries ගොඩක් තියන නිසා. ඊට පස්සෙ සර්කිට් එක හදාගත්ත.

DC ගියර් මෝටරයක් තමයි නැව උස් පාත් කරන්න පාවිච්චි කරේ. කුණාටු අවස්තාව පෙන්නන්න කුඹ ගහ පද්දන එක තමයි කලේ. ඒකට පාවිච්චි කලේ Servo මෝටරයක්.  LED පාට හතරකින් සෙට් හතරක් පාවිච්චි කලා. ගියර් මෝටරේට ඇස්කලයක් හයි කරල ඒකෙ නූලක් ඔතල මෝටරේ දෙපැත්තට කරකව කරකව තමයි උස් පාත් කලේ. ඒකට L293 IC එකක් පාවිච්චි කලා. Servo මෝටරෙන් කුඹ ගහ වනවද්දි සුදු පාට LED සෙට් එකකින් අකුණු ගහනව වගෙත් ඉෆෙක්ට් එකක් දැම්ම.

මේ තියෙන්නෙ වීඩියෝ එක. මේකෙ කෝඩ් එකයි සර්කිට් එකයි ගැන විස්තරයක් වෙනම දාන්නම්. මේ දවස්වල වෙලාව පොඩ්ඩක් අඩුයි.


Comments (7)

මේ මගුල් වැඩක් නැ.. හදන විදිය දාපිය 😀
වැඩෙ නම් මරු ඇ..

වෙලාවක් සෙට් උන ගමන් සේරම දාන්නම්. දැං අපරාදෙ පොත් වල සල්ලි එකක් ලඟ ලඟම එනවනෙ.

එච්චර පැහැදිලි නෑ. ටිකක් එලිය තියන හැන්දෑ වෙලාවක වීඩියෝ කලානම් හරි.

මේ පැත්තෙ ආවට ස්තූතියි.

රෑ වෙලා තමයි ගත්තෙ. අනික රිසොලියුෂනුත් මදි MP4 player එකකින් ගත්ත වීඩියෝ නිසා.

ela wadak machn 😀 😀
btw machn JTAG programmer ekaka circuit ekak ehema tiyenwada 3.3V ARM walata wage puluwn
ARM karala tiyenwada oya?

මම ARM කරල නෑ.
මගෙ ගාව නම් සර්කිට් එකක් නෑ.

ARM boards ganna thiyenava LankaTronics eke,
http://www.lankatronics.com/development-tools/arm-development-kits.html
Oke thiyena Texas lage Stellaris kiyana Coretex-M4 board eka niyamai.

Arduino original/compatible dekamath thiyenava
http://www.lankatronics.com/development-tools/arduino.html

Write a comment