මගේ බැංකු අත්දැකීම්

9

Posted by chanakalin | Posted in අත්දැකීම් | Posted on 03-09-2012

ඊමේල් කවිකාරට( http://emailkavikaari.blogspot.com/2012/08/blog-post_21.html ) වගේ මටත් තියනව තාම ඔන්ගොයින් බැංකු අත්දැකීමක්. මම E-bay වලින් ගත්ත බඩු වගයක් ලැබුනෙ නැතුව refund එකක් සෙලර් දුන්න. සාමාන්‍යයෙන් දවස් තුනක් ඇතුලත Account එකට සල්ලි එනව. මම පාවිච්චි කරන්නෙ HNB debit card එකක්. Refund ලැබුනෙ පහුගිය අගෝස්තු 19 වෙනිද. දවස් පහක් විතර බලල සල්ලි නැති පාර card center එකට කෝල් එකක් දීල බැලුව. එතකොට “*නීට” කියල කෙනෙක් කීව සිස්ටම් අවුලක් තියනව ඒක නිසා තව දවස් දෙකක් ඇතුලත වැඩේකරල දෙන්නම් කියල. වැඩේ වෙන්නෙ නැති පාර ආයෙ ගත්ත. මට කෝල් එකක් ගන්නම් කියල කීව ඒත් ගත්තෙ නෑ. ඔය වෙද්දිත් සෑහෙන ගානක් ටෙලිෆෝන් කෝල්ස් වලටම ගිහින් තිබුණෙ. පස්සෙ ගත්ත “වටිනාකම නිම කල නොහැකි” වගේ නමක් තියන අයිය කෙනෙකුට. එයා තමයි ඇත්ත තත්වෙ පැහැදිලි කරල කීවෙ. ඇත්තටම ප්‍රශ්නෙ තියෙන්නෙ මහ බැංකුවෙන් පනවල තියන නීති නිසා කියල. සල්ලි එයාලට ලැබිල තියනව මට ආදායම් එන මාර්ගයක් විදියට Paypal refunds කියල දාල KYC form එකක් card center එකට ෆැක්ස් කරන්න කියල කීව සල්ලි account එකට දාන්න. ඒ අගෝස්තු 30. එදා හවස A/L පේපර් ඉවර වෙච්ච ගමන් වරකාපොල HNB branch එකට ගිහින් ඒකත් කලා. අද වෙනකමුත් වැඩේ වෙලා නෑ. ඒ පාර ආයෙත් කෝල් එකක් ගත්ත. අද කියනව KYC form එක ලැබිල නෑ කියල. ඒ පාර ආයෙ කෑගල්ලෙ HNB branch එකට ගිහින් ආයෙත් KYC එකක් ෆැක්ස් කලා. එතකොට කියනව වෙන නම්බර් එකකට ඒක ආයෙ එවන්න කියල. ඒකටත් යැව්ව. ඊට පස්සෙ “*නීට” කියනව තව දවස් තුනක් ඇතුලත වැඩේ කරල දෙන්නම් කියල. “වටිනාකම නිම කල නොහැකි” අයිය මට ඔය කතාව සේරම පැහැදිලි කරල කියනකම් මට card center එකේ එක්කෙනෙක්වත් හරි පැහැදිලි විස්තරයක් කීවෙත් නෑ ඒකට කරන්න ඕනෙ මොනවද කීවෙත් නෑ. ඕක අර “*නීට”ට මම මුලින් කෝල් කරපු වෙලාවෙම කියන්න තිබුණ උත්තරයක්. එයාලත් පිනට පඩි අරන් ඉන්නව වගේ වැඩක් තමා කරන්නෙ. මොන කේස් එක උනත් අද තව වෙනකම් මට හරි විසඳුමක් ලැබිල නෑ. “*නීට”ගෙ උත්තරේ මට වැඩේ වෙනකම් පිලිගන්න බෑ. එයා කලිනුත් ඕකම මට කියල තියන නිසා. එයාගෙ පොරොන්දුත් ඡන්ද පොරොන්දු වගේම තමා.

ඔය ප්‍රශ්නෙ ඔහොම උනත් HNB එකේ customer care ගොඩක් හොඳයි. වෙන දෙයක් කරගන්න ගියොත් එහෙම branch වල අයගෙන් හොඳ සහයෝගයක් තියනව. අද උනත් ප්‍රශ්නෙ කියපු ගමන් එයාලගෙන් වෙන්න ඕනෙ දෙවල් ඉක්මනට කරල දුන්න. හැබැයි card center එකෙ බැංකුවත් එක්ක එපා කරවනව.

ආයෙ බැංකු අත්දැකීමක් කියල වැඩිපුරම තියෙන්නෙ සම්පත් බැංකුවත් එක්ක. ඒ Xset එකක් පාවිච්චි කරපු කාලෙ. එයාලගෙනුත් හොඳ ඉක්මන් සේවයක් ලැබුන Account එක වහල දාන අවසාන මොහොතෙදි පවා.

මුල්ම බැංකු අත්දැකීම තියෙන්නෙ මොන්ටිසෝරි යන දවස් වල NSB එකත් එක්ක. අපිට මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. බැංකුවෙන් බස් එකකු මොන්ටිසෝරිය ගාවට එව්ව. අපිත් ගියා. ගිය ගමන් කිරිබත් එක්ක එහෙම තේ දීල එක්කෙනාට එක ගානෙ බැංකු පොත් දුන්න. පස්සෙ තමයි දන්නෙ ඒ “හපන්” ගිණුම හඳුන්වලදුන්න අවස්ථාව කියල. ආයෙ NSB එකට ගියෙ ඒක වහල දාල සල්ලි අරගන්න. පටන් ගන්න දවසෙ කන්ඩත් දීල තේත් දුන්නු බැංකුව එදා පැය දෙකක් විතර පුටු වල වාඩි කරවල තිබුණ. අඩුම හැඳුනුම්පතේ ෆොටෝකොපියක්වත් එතනින් ගන්න බෑ. ඒකත් පිටින් අරන් ගෙනිහින් දුන්නෙ. එයාල පටන් ගද්දි FAST වහද්දි SLOW 😛

ආයෙ ඉතින් ජන හද හඳුනන මහජන බැංකුව. ඒකෙත් සල්ලි නැති උනාට තාම ගිණුමක්නම් තියනව. පටන් ගත්ත දවස් වලයි ටික කාලෙකට උඩදිනම් වැඩක් කරගන්න ගියාම ගොඩන් වෙලා ඉන්න වෙනව පෝලිම්වල එහෙම. එතන ප්‍රශ්නෙ තිබුණෙ ගොඩක් මම දැකපු විදියට වැඩ කරන අයගෙ ටයිපින් ස්පීඩ් එක එහෙම තමයි. දැන්නම් අළුත් අක්කල ටිකක් ඉන්නව කොයි වෙලාවකවත් දහ දොලොස් දෙනෙකුට වඩා පෝලිමක තියන්නෙ නෑ.

ඔතනින් මගේ දැනට තියන බැංකු අත්දැකීම් ඉවරයි. “*නීට” ඔය විදියට වැඩ කලොත්නම් HNB card center එකත් ගණුදෙනුකරුවන්ට එපාම වෙලා යන දවස වැඩි ඈතක නෑ. අනිත් කාරණේ අද වෙද්දි මහ බැංකුවත් කරන්නෙ හණමිටි කාලෙ නීති තියාගෙන අවදානම් සහගත ආයෝජන වගේ දෙවල් වලින් මිනිස්සුන්ගෙ සල්ලි කාබාසිනියා කරල දාන එක මිසක් අද කාලෙට ගැලපෙන විදියට එයාලගෙ නීති රීති යාවත්කාලීන කරන එක නෙවෙයි.