උතුමන්ලාගේ දරුවන්ට වරප්‍රසාද දියාව්…….

4

Posted by chanakalin | Posted in @SRI ලංකා | Posted on 16-05-2012

තැන රජයේ පාසලක්ලු. ඒකෙ විනය ගැන බලන්න ඉන්නෙ තමන් දිහා බලල හැදෙන්න කියල ඇත්තටම කියන්න පුළුවන් මනුස්සයෙක්. ආදි සිසයොයි වර්තමාන  සිස්සයොයිනම් ඒ ගැන උපරිමේට සතුටුයි දැංවත් ඕක හැදෙයි කියල. ඕකෙ තව ඉන්නව පපට්ට කියල කස්ටියක්.

දැන් ඔය පපට්ල ගියාලු 8ටේ 9යෙ කොල්ලංගෙ සපත්තුවල ඇණ බැජ් වගේ ඒව ගලවන්න. දැං ගලවන වැඩෙත් නැගල යනවලු. ඒ අස්සෙ එකෙක් කීවලු මම  “අහවල් නියෝජ්‍ය උතුමගෙ පුතා” කියල. ඒත් පපට්ල සැලිල නෑ. උං කොල්ලගෙ සපත්තුත් විනයවත් කරල.

පස්සෙ අර නියෝජ්‍ය උතුමා කියනවලු “දැං ඔය ජාතික වෘක්ෂයේ මලේ නම තියන කොල්ලෙක් ඉන්නවනෙ. උගෙ තාත්ත මහා උත්තමයනෙ. ඒ උනාට පාලක මණ්ඩලේ එකෙක්වත් කියනවද උට කොණ්ඩෙ කපං එන්න කියල?”

නියොජ්‍ය උතුමගෙ කතාව ඕක අහල රසවින්ද අපිටනම් තේරුණේ නෑ. ඔයාලට තේරුණාද?

සංස්කෘතික ඇමති තුමාගේ ඉන්ටනෙට් භීතිකාව

7

Posted by chanakalin | Posted in අදහස් | Posted on 12-05-2012

මේ දැං පොඩ්ඩකට කලින් කාලෙකට පස්සෙ ITN News බැලුව.  විමසුම කියලඑකක් තියනවනෙ. ඒකෙ කියනව සංස්කෘතික ඇමතිතුමා වර්තමාන ආණ්ඩුවෙ ඇමති කෙනෙක් උනේ ඒ කාලෙ ඉන්ටනෙට් ෆේස්බුක් තිබුණෙ නැති නිසාලු. බාල පරම්පරාව නැති නාස්ති වෙන්නෙත් ඉන්ටනෙට් නිසාලු. ඒක නිසා වෙන්න ඇති 22% බදු මුදලක් ඉන්ටනෙට් පාවිච්චි කරද්දි අපෙන් අය කරන්නෙ.

ඉන්ටනෙට් වලට ගොඩ දෙනෙක් බය වෙන්න හේතුවක් තියනව. ගොඩක්ම දේශපාලකයො. මොකද ලෝකෙ මෙහෙමයි කියල බොරු අතාරින්න බෑ ඇත්ත තත්වෙ මොකක්ද කියල රටම දන්නව. අනිත් කාරණේ රස්සාවක් නැත්නම් ඉන්ටනෙට් හරහා ගෙදර ඉඳන් හරි රස්සාවක් කරන්න පුළුවන් මේ වෙද්දි. ඉගෙනගන්න කෙනෙකුට උනත් ඉන්ටනෙට් කියන්නෙ හොඳ සම්පත් ගබඩාවක්. ඉගෙනගත්තු අය වැඩි වෙනව කියන්නෙ රස්සා ඉල්ලගෙන පස්සෙන් වැටෙන සංභ්‍යාව අඩු වෙනව.  ඒ කියන්නෙ ඊලඟ ඡන්දෙට පාප්ප බාල්දි උස්සන් යන්නයි “ජය වේවා” කියන්නයි ඉන්න කට්ටිය අඩු වෙනව.

හැම දේම හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියනව. හොඳ පැත්ත වහගෙන නරක විතරක් ඉස්මතු කරන එක කොහොමත් විමසුම පිටපත ලියන කෙනාගෙ හැටියක්. ඉස්කෝලෙක දේශනේකට ඇවිල්ල ලව් ලෙටර් ලියන හැටි කියන මාධ්‍යවේදියෙක්නෙ ඒ. එයාල කොහොම කීවත් ඉන්ටනෙට් වලට බැන බැනා එයාල කියපු කතා මම ඇහුවෙත් ITN එකේම Live web cast එකෙන් 😛

ආයතනයක පරිපාලනයේ වගකීම විවේචනය විතරමද ?

4

Posted by chanakalin | Posted in අදහස් | Posted on 04-02-2012

Tags: ,

ඕනෑම ආයතනයකට පරිපාලනය කියන එක තියෙන්න ඕනෙ. නමට විතරක්ම නෙවෙයි නිවැරදි පරිපාලනයක්. නැත්නම් සිල්ලර කඩයක්වත් හරියට පවත්වාගෙන යන්න අමාරුයි. හැබැයි පරිපාලනයේ වගකීම වෙන්න ඕනෙ මොකක් හරි පොඩි දෙයක් අල්ලගෙන බනින එක නෙවෙයි. හැබැයි අවාසනාවට වගේ ගොඩක් තැන්වල වෙන්නෙ ඒක.

බොහොමයක් තැන්වල පරිපාලනයට සම්බන්ධ අය තමන්ගෙ නිලයට වඩා පහල නිල වල අයත් එක්ක හොඳ අන්තර්පුද්ගල සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නෙ නෑ. හැමෝම එහෙම නෑ. ඒත් බහුතරය එහෙමයි. මොකක් හරි ඉලක්කෙකට යන්න කවුරු හරි උත්සාහ කරල ඒ තැනය යන්න බැරි උනාම, අඩුම උත්සාහ කලාද කියල හොයල බලන්නෙවත් නැතිව ඒ ඉලක්කෙට ගියෙ නෑ කියල බනිනවනම් එතන තියෙන්නෙ හොඳ පරිපාලනයක් නෙවෙයි. ඕනෙම කෙනෙකුට හඳට යන්න කියල හිතාගෙන ඊ තලයක් විදින්න පුළුවන්. ඒක හඳට නොගිහින් පොල් ගහක් උඩ රැඳුනම අඩුම බිම ඉඳන් පොල්හගහටවත් විද්ද කියල සතුටු වෙන්න බැරිනම් වැඩක් නෑ. පරිපාලනයේ වගකීම වෙන්න ඕනෙ ඊලඟ පාර අඩුම කන්දක් උඩින් යන්නවත් විදින්න කියල හොඳ දුන්නක් දෙන එක මිසක් හඳට යන්න විද්දෙ නෑ කියල හොඳ දුන්නක් පරිපාලකයො ගාව පෙන්න පෙන්න තියාගෙන ඉන්න එක නෙවෙයි.

ඒ වගේම තමයි හැමෝම එක්ක හොඳට ඉන්න, හැම පැත්තක් ගැනම හිතල බලන හොඳ අයත් එක්ක නිල බලය වගේ දේවල් ගැන නොසලකා ඕනෙම කෙනෙක් ඕනෙම ප්‍රශ්නෙකදි ගැටළුවකදි ඉන්නව. උදාහරණයක් විදියට ගත්තොත්, එක පලාතක් තියනව නීති විරෝදී මත්වතුර(ඒ කීවෙ කසිප්පු) වයෘපරය හොඳටම ක්‍රියාත්මක වෙන. ඒ පළාත අයිති පොලිසියෙ ඉන්නෙ කාත් එක්කත් සුහදව වැඩ කරන, ගරහන්න ඕනෙ තැනදි ගරහන, අගය කරන්න ඕනෙ තැනදි අගය කරන හොඳ OIC කෙනෙක්. එයා කසිප්පු අල්ලන්න වැටලීම් කරනව. හැම එකක්ම සාර්ථක වෙන්නෙ නෑ. මොකද එයාට අවශ්‍ය පිරිස් බලය වාහන වගේ දේවල් නෑ. ඒත් එයාගෙ උත්සාහය තියන පහසුකම් පාවිච්චි කරල කවද හරි කසිප්පු නැති කරන්න. එයා හැම තිස්සෙම ඒ වෙනුවෙන් කැපවෙනව. එහෙම ඉද්දි ඒ වෙනකම් කිසිම සහයෝගයක් නොදීපු කවුරු හරි දේශපාලකයෙක් ඇවිල්ල ඒ OICට කසිප්පු නැතිකරන්න වැඩ කරන්නෙ නෑ කියාගෙන සද්දයක් දාන්න ආවොත් පොලිසියෙ ඉන්න සාජන්ල, PCල තමන්ගෙ ප්‍රධානිය වෙනුවෙන් සටනට පිවිසෙන්නෙ නැද්ද ?  මේ දේ හොඳටම බලාගන්න  පුළුවන් Singham බැලුවොත්. (ජයකාන්ත්ගෙ මැරයව පැමිණිල්ල ඉරුව කියල කූඩුව ඇතුලට දැම්ම වෙලාවෙ)

තවත් හොඳට විස්තර කලොත් එක පාසලක් තියනව. ඒකෙ ඉන්න ගුරුවරු පිරිසක් උත්සාහ කරනව තමන් උගන්නවන විෂයට අදාල තරඟ වගේ දේවල් වලට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ ගන්න. ශිෂ්‍යයන්වත් උනන්දු කරනවනව. මේ සේරම කරන්නෙ අවම පහසුකම්, ඒත් එක්කම කරදර ගොඩක් මැද්දෙ. ඒ කියන්නෙ බස් වල ෆුට් බෝඩ් වල නැගල තරඟ වලට ශිෂ්‍යයො එක්කගෙන ගිහින්, සමහර අවස්ථාවල තරන්ගෙ කෑම බීම ගැන පවා හිතන්නෙ නැතිව. සමහර අවස්ථාවලදී අදාල ගුරුවරුන්ගෙ පවුල්වල සාමාජිකයො පවා මේ තරඟ වගේ දේවල් වෙනුවෙන් කැපවෙනව. ඒ වෙනුවෙන් වැයවෙන වියදම් පවා බොහෝ අවස්ථාවලදී ඉදිරිපත් වෙන අයට තමන්ම දරාගන්න වෙනව (99.9% ටත් වඩා). සමහර අවස්ථාවලදි ජයග්‍රහණ ලැබෙනව. සමහර අවස්ථාවලදි ලැබෙන්නෙ නෑ. ජයග්‍රහණ නොලැබුනත් ඉදිරිපත් කරපු නිර්මාණ ගොඩ දෙනෙක්ගෙ සුභසිද්ධිය වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්.

කරුණු කාරණා මෙහෙම වෙද්දි කවුරු හරි පරිපාලන ශ්‍රේණියේ කෙනෙක් ඇවිල්ල ඒ ගුරුවරුන්ට ශිෂ්‍යයො ඉස්සරහදිම දොස් කියනවනම් “ඔයාල තරඟ වලට යන්නෙ නෑ. අහවල් ඉස්කෝලෙ මෙච්චරක් දිනල තියනව. එයාලට මේව මේව හම්බවුනා” කියල.

(තරඝයක් ගැන දැන්වත් කරල ලඟට ගිහිල්ලත් කියද්දි කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නැත්නම් ගුරුවරු මොකක් කරන්නද? බලෙන් කරනව නිර්මාණයක් සාර්ථක වෙන්නෙනෑ කියන එක ඕනෙ කෙනෙක් දන්න කරුණක්)

අදාල ගුරුවරයාගේ ආත්ම ගරුත්වයට සිදුවන්නෙ කුමක්ද ?

ඒ සේරම දේවල් කරපු ශිෂ්‍යයෙකුට මේ වගේ වෙලාවක යකා නගින එක අසාධාරණද?

සදාචාරාත්මක අතින් වරදක් වුණත් පරිපාලකයා හා ගුරුවරයා අතර සිදුවන තකාබහේදී ශිෂ්‍යයන් කල නිර්මාණ හා ලද ජයග්‍රහණ පිලිබඳ සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමේදී පරිපාලකයාගේ වගකීම වන්නේ අදාල කරුණු විමසා බලා එම  විෂයට අවශ්‍ය පහසුකම් දී නගා සිටුවීමද?
නැතිනම්,
“මම කතාකරන්නෙ මගෙ යටතෙ ඉන්න ගුරුවරයෙක් එක්ක. තමුසෙට මොකක්ද මැදින් පයින්න තියන අයිතිය?” යැයි ගිරිය පුප්පාගෙන ඇසීමද ?

අනිත් කාරණේ,
පරීපාලන නිලධාරීන් විය යුත්තේ අදාල ගැටළු ආදිය හඳුනාගෙන පිලියම් යෙදිය හැකි පුද්ගලයන් මිස, දවසකට රැපියල් 500 ගණනේ ගෙවා කාගේ හෝ පන්තියකට ගොස් පසුගිය ප්‍රශ්නපත්‍ර බලා විභාගයක් සමත් වූවන් නොවේ.

 

කරුණු කාරණා කොහොම උනත් අන්තිමේ සමහර පරිපාලන ගැන කියන්න වෙන්නෙ “ඔන්න ඕකයි මල්කාන්ති අක්කෙ පුල්මුඩේ තත්වෙ” කියල තමයි.