ATMega32A වලින් ලයින් ෆලෝවින් රොබෝ කෙනෙක් හදන්න PCB එකක්

3

Posted by chanakalin | Posted in AVR micocontrollers, AVR on Linux, Linux, Robotics, අත්හදා බැලීම්, නිර්මාණ | Posted on 01-02-2013

Tags: ,

කාලෙකින් පෝස්ට් එකක් දාන්නෙ. ආයෙ කවද දාන්න වෙයිද දන්නෙ නෑ උසස් පෙළ 1/3 වගේ දරුණු රිසල්ට් එකක් ගත්ත නිසා. ලඟදි තිබුණ රොබෝ නිර්මාණ තරඟෙකට හදාගත්ත PCB එක තමයි මේ දෙන්න යන්නෙ. ATmega32A එකකුයි, L293 motor driver එකකුයි, HC-SR04 Ultrasonic sensor එකකුයි දාල හැදුවෙ. ආයෙ Analog හරි Digital හරි input 8ක් ගන්න පුළුවන්.  හැබැයි ලස්සනට පිළිවෙලට design කරපු එකක් නෙවෙයි 😛 .  Eagle Cad file ටිකත් මේ එක්කම දීල තියෙනව. ආයෙ මගේ sample කෝඩ් එකකුයි, USART + ADC + Motors වලට function ටිකයිත් මේ එක්කම තියනව. පින් තියන තැන් එහෙම හොයාගෙන තමයි කරන්න වෙන්නෙ.

මුලින් design කරේ නම් ultrasonic sensor දෙකක් දාන්න පිටින් වෙනම. පස්සෙ ඒකෙන් interrupts generate කරගන්න. ඒත් ඒ අදහස වෙනස් වුණා. දැන් තියන විදියට එක ultrasonic sensor එකයි පාවිච්චි කරන්න වෙන්නෙ. LED දෙකක් power වලට දාල තියෙන්නෙ polarity වැරදියට දීලද කියල බලාගන්න. ඒ ගැන නම් පරිස්සම් වෙන්න මේකෙ අඩුම diode එකක් වත් දාල නෑ polarity වැරදියට දුන්නොත් බේරෙන්න.  මොකක් හරි අපැහැදිලි තැනක් තියනවනම් comment එකක් දාන්න.

Download

Arduino එක්ක වෙසක් සැරසිල්ලක්

7

Posted by chanakalin | Posted in Arduino, Linux, Robotics, නිර්මාණ | Posted on 11-05-2012

මේ දවස් වල වෙසක්නෙ. 8 වසරෙ වෙසක් වලට ගෙදර කූඩුවක් හැදුවට පස්සෙ මම වෙසක් වලට මොකුත්ම කරල නෑ. හැම පාරම ඉස්කෝලෙ. මේ පාර වෙසක් වලට ඉස්කෝලෙ මොකුත් කලේ නැති නිසා ගෙදර වැඩක් කරන්න හිතුව. කොහොමත් මට කූඩු හැදිල්ල එච්චර දිරවන්නෙ නෑ. එක පාරටම හිතට ආවෙ පාවෙන නැවක ආකෘතියක් හදල බල්බ් ටිකක් ඒක වටේට හරි කරල දාන එක. වැඩේට ඕනෙ කරගොඩක් දේවලුත් ගෙදරම තිබුන එක එක වැඩ වලට ගෙනල්ල. බල්බ් වලට LED දාල පොඩි නැවක් හදන්න තමයි මුල ඉඳන්ම බලාපොරොත්තුව තිබුනෙ.

මුලින්ම ඉතින් පුරුදු විදියට ප්ලෑනක් ගැහුව. නැව පාවෙනව වගේ උඩට පහලට පද්දන්නයි, කුණාටුවක ඉෆෙක්ට් එක දාන්නයි, LED වලට රටා දෙක තුනක් දෙන්නයි ඕනෙ නිසා මයික්‍රොකන්ට්‍රෝලරයක් පාවිච්චි කරන්න වෙනව. වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් නිසා Arduino බෝඩ් එකක් තමයි පාවිච්චි කලේ. අනික ප්‍රෝග්‍රෑම් කරගන්නත් ලේසියි C libraries ගොඩක් තියන නිසා. ඊට පස්සෙ සර්කිට් එක හදාගත්ත.

DC ගියර් මෝටරයක් තමයි නැව උස් පාත් කරන්න පාවිච්චි කරේ. කුණාටු අවස්තාව පෙන්නන්න කුඹ ගහ පද්දන එක තමයි කලේ. ඒකට පාවිච්චි කලේ Servo මෝටරයක්.  LED පාට හතරකින් සෙට් හතරක් පාවිච්චි කලා. ගියර් මෝටරේට ඇස්කලයක් හයි කරල ඒකෙ නූලක් ඔතල මෝටරේ දෙපැත්තට කරකව කරකව තමයි උස් පාත් කලේ. ඒකට L293 IC එකක් පාවිච්චි කලා. Servo මෝටරෙන් කුඹ ගහ වනවද්දි සුදු පාට LED සෙට් එකකින් අකුණු ගහනව වගෙත් ඉෆෙක්ට් එකක් දැම්ම.

මේ තියෙන්නෙ වීඩියෝ එක. මේකෙ කෝඩ් එකයි සර්කිට් එකයි ගැන විස්තරයක් වෙනම දාන්නම්. මේ දවස්වල වෙලාව පොඩ්ඩක් අඩුයි.


Green House Automation system

17

Posted by chanakalin | Posted in නිර්මාණ | Posted on 16-11-2011

මේ ලඟදි අපේ පාසලට  ප්‍රදර්ශණයකට ආරාධනාවක් ලැබුණ. මාතෘකාව වුණේ “කෘෂිකර්මාන්තය සඳහා තොරතුරු තාක්ෂණය”.  අපි හැදුවෙ හරිතාගාරයක පරිසර තත්වයන් පාලනය කරන්න ස්වයංක්‍රීය පරිගනක වැඩසටහනක්.  අපි බලාපොරොත්තු වුණේ උෂ්ණත්වය, පාංශු ජල මට්ටම, ආලෝකය හරිතාගාරය ඇතුගෙ ආහාර නිෂ්පාදනයට බාධාවක් ඇති නොවන විදියට පාලනය කරන්න. හරිතාගාරයක්ම තෝරගත්තෙ විවෘත ගොවිපොලක පාංශු ජල මට්ටම ඇරෙන්න අනිත් තත්ව පාලනය කරන එක ටිකක් අමාරු නිසා.

මුලින්ම අපි කලේ පරිපත කොටස් නිර්මාණය කරගත්ත එක. ඒකෙදි පරිසර උෂ්ණත්වය, පාංශු ජල මට්ටම, ආලෝක මට්ටම පරිගනකයට ලබාදෙනව. විදුලි පංකාවකුයි, හීටරයකුයි, වතුර පොම්පයකුයි, LED සෙට් එකකුයි පරිනකයෙන් ලැබෙන උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වෙනව. විදුලි පංකාවෙ වේගය අඩුවැඩි කරන්න ඕනෙ නිසාත්, පරිගනකයට සම්බන්ධ කරගන්න ඕනෙ නිසාත් අපි මේකට මයික්‍රෝකන්ට්‍රෝලරයක් පාවිච්චි කලා. පරිගනකයත් එක්ක සම්බන්ධ කලේ Serial port එක හරහා.

පරිපතය

පරිපතය

ඊලඟට තමයි පරිගනක වැඩසටහන නිර්මාණය කලේ. එතනදි අපිට ආව ප්‍රශ්න තමයි ඒ වෙද්දි අපිට වැඩි කාලයක් ඉතිරි වෙලා තිබුනෙ නැති එක. ඉක්මණින්ම වැඩේ කරගන්නත් ඕනෙ වුණා. අනික serial port එක හරහා දත්ත ලබා ගන්නයි යවන්නයි ඕනෙ වුන එක. ඒ නිසා අපි පාවිච්චි කරේ Python ක්‍රමලේඛන භාෂාව. Serial port එකත් එක්ක සන්නිවේදනය කරන්න පාවිච්චි කලේ PySerial module එක. එතනදි ආව ප්‍රශ්නෙ මේක Text mode තියන එක සාර්ථක වැඩක් නොවෙන එක. අනිවාර්යයෙන්ම අතුරුමුහුණතක් නිර්මාණය කරන්න ඕනෙ. එතනදි කරේ PyGTK module එක පාවිච්චි කරල GTK widget වලින් අතුරුමුණතක් හදපු එක.

අපි මේකෙ පරිගනක වැඩසටහන develop කරන්නයි, run කරන්නයි පාවිච්චි කලේ Hanthana Linux මෙහෙයුම් පද්ධතිය. ඒකට හේතුවක් උනේ Python ක්‍රමලේඛන වලට හොඳටම පහසුකම් ලබාදෙන Stani’s Python Editor (SPE) IDE මෘදුකාංගය ප්‍රකෘතියෙන්ම හන්තාන ලිනක්ස් මත ස්ථාපනය කරල තියන එක. අනිත් කාරණේ PyGTK උනත් හන්තාන ලිනක්ස් මතදී වෙනම ස්ථාපනය කිරීමක් නොකර භාවිතා කරන්නට හැකිවීම. PyGTKත් ප්‍රකෘතියෙන්ම හන්තාන ලිනක්ස් වලට ලබා දීල තියනව.

හන්තාන ලිනක්ස් මතදී පරිගනක වැඩසටහන

හන්තාන ලිනක්ස් මතදී පරිගනක වැඩසටහන

මේකෙන් කලේ උෂ්ණත්ව අගය ලබාගෙන අවශ්‍ය උෂ්ණත්වට  වැඩිනම් හෝ අඩුනම් විදුලි පංකාව ක්‍රියාත්මක කරන එක. එතනදි විදුලි පංකාව ක්‍රියාත්මක වෙන් ඕනෙ වේගයත් පරිපතයට ලබාදෙනව. නියමිත උෂ්ණත්ව ප්‍රමාණයට වඩා අඩුනම් තව හීටරයත් ක්‍රියාත්මක කරනව. නියමිත උෂ්ණත්ව ප්‍රමාණය Slider එකකින් වෙනස් කරන්න තිබුණෙ. ආයෙ පාංශු ජල මට්ටම නියමිත ප්‍රමාණයට වඩා අඩුනම් වතුර පොම්පය ක්‍රියාත්මක කරනව. ආලෝක මට්ටමත් නියමිත ප්‍රමාණයට වඩා අඩුනම්  LED සෙට් එක ක්‍රියාත්මක කරනව.

අපිම හදපු වතුර පොම්පය

අපිම හදපු වතුර පොම්පය

හරිතාගාරයත් එක්ක ගොවිපොල

හරිතාගාරයත් එක්ක ගොවිපොල

මේක හදන්න අපිට ගොඩක් දෙනෙක් උදව් කලා. විශේෂයෙන් අපිට තොරතුරු තාක්ෂණය උගන්වන ලක්මිණි මැඩම්, ලක්මාලි මැඩම්, දිල්හානි මැඩම්, නදීක මැඩම්.  තව මේකෙ ක්‍රියාකාර්ත්වය ගැන කියල දීපු උසස් පෙළ කෘෂි විද්‍යාව උගන්වන ජිනාදරී මැඩම්වත්, ජීව විද්‍යාව උගන්වන ගීතා මැඩම්වත් මතක් කරන්න ඕනෙ.

පහල ඉන්නෙ මේක නිර්මාණය කරන්න සහභාගී උන අයගෙන් ටික දෙනෙක්. හදපු කණ්ඩායම තමයි සචින්ත, සමීර, මයන්ත, අදීෂ තව මැටි වලින් සේරම නිර්මාණ කරපු කලණවත් මතක් කරන්න ඕනෙ.

හදපු අයගෙන් කොටසක්

හදපු අයගෙන් කොටසක්