Digispark Arduino

0

Posted by chanakalin | Posted in Arduino | Posted on 21-04-2015

අවුරුදු 2යි මාස 2යි දවස් 13කට පස්සෙ මකුළු දැල් එහෙම කඩල දාන පලවෙනි පෝස්ට් එක 😀 අළුත් අවුරුද්දට වැඩ අල්ලන්න පෝස්ට් එකක් දාලම පටන් ගමු කියල මට කීවෙ හසිත.

Digispark USB Development Board (එහෙම නැතිනම් ගොඩ දෙනෙක් කියන විදියට Digispark Arduino) කියන්නෙ ATTiny85 micro controller එකකට boot loader එකක් flash කරල customize කරපු Arduino IDE එකකින් program කරන්න පුළුවන් පුංචිම පුංචි Development board එකක්.

අපිටම හදාගන්න පුළුවන් ගෙදරදිම උනත්. http://digistump.com/products/1 වල Resources වලට ගිහිල්ල බලන්න. කම්මැලි නම් e-bay වලින් වගේ උනත් ගන්න පුළුවන්.

digispark_arduino

ඔයාලටම ලස්සන Birthday card එකක් වගේ හදාගන්න කියාපු භාණ්ඩෙ. වැඩි විස්තර පස්සෙ කියන්නම්.

එහෙනම් හැමෝටම සාමය සතුට පිරි සුභ අළුත් අවුරුද්දක්!!!

ගෙදරදිම Arduino UNO clone එකක් හදමු

5

Posted by chanakalin | Posted in Arduino, Robotics, අත්හදා බැලීම් | Posted on 12-08-2012

ටික දවසකට කලින් යාළුවෙකුට Arduino UNO compatable board එකක් හදල දුන්න. ඒක නම් කලේ වෙරෝ බෝඩ් එකක් උඩ. දැන් ලඟ නැති නිසා ෆොටෝ එකක් හොයාගන්න ගිහින් තමයි මේ පෝස්ට් එක ටිකක් පරක්කු වුණේ. හැබැයි හදද්දි වැඩේ වන වෙයි කියල බයට මුලින්ම PCB එකක් ඇන්ද kicad වලින්. Arduino බෝඩ් එකක ප්‍රධාන කොටස් දෙකයි තියෙන්නෙ. එකක් USB to Serial කන්වර්ටරයක් අනික Arduino bootloader එක දාපු මයික්‍රොකන්ට්‍රෝලරේ. අපි කලේ මේකෙ USB to Serial කන්වර්ටරයක් නැතිව Arduino bootloader එක දාපු  මයික්‍රොකන්ට්‍රෝලරයක් විතරක් පාවිච්චි කරපු එක.

හරියටම කීවොත් Schematic එක අරගෙන ඒකෙ Atmega328 එකේ RX TX පින් වලින් තියන සම්බන්ධය අයින් කරල සර්කිට් එක දෙකට කඩපු එක. ප්‍රෝග්‍රෑම් කරගන්න RX TX පින් දෙකට MAX232 IC එකක් දාල ගත්ත මේකෙන් වැඩ කරන කෙනාගෙ කම්පියුටරේ serial port තියන නිසා. Serial port නැතිනම් Ebay වලින් වගේ USB to Serial converter එකක් ගන්න (මේකක් තමයි අපි ගත්තෙ USB විතරක් තියන ඒවට)

වියදම වැඩිම වුනොත් රු.700 ක් විතර යන්න ඇති. USB to Serial converter ගත්තත් සම්පූර්ණ වියදම රු.1000 ක් විතර තමයි වෙන්නෙ. Atmega328 එක රු.500කට Lankatronics වලින් ගන්න පුළුවන්. අනිත්වනම් ඕනෙ තැනක ගන්න තියන දේවල්. MAX232 දාල හදාගන්න විදිය අඳුන් අයියගේ බ්ලොග් එකේ තියනව. PCB ඩිසයින් එක පහලින්  ඩවුන්ලෝඩ් කරල ගන්න.

 

Download

 

Arduino එක්ක වෙසක් සැරසිල්ලක්

7

Posted by chanakalin | Posted in Arduino, Linux, Robotics, නිර්මාණ | Posted on 11-05-2012

මේ දවස් වල වෙසක්නෙ. 8 වසරෙ වෙසක් වලට ගෙදර කූඩුවක් හැදුවට පස්සෙ මම වෙසක් වලට මොකුත්ම කරල නෑ. හැම පාරම ඉස්කෝලෙ. මේ පාර වෙසක් වලට ඉස්කෝලෙ මොකුත් කලේ නැති නිසා ගෙදර වැඩක් කරන්න හිතුව. කොහොමත් මට කූඩු හැදිල්ල එච්චර දිරවන්නෙ නෑ. එක පාරටම හිතට ආවෙ පාවෙන නැවක ආකෘතියක් හදල බල්බ් ටිකක් ඒක වටේට හරි කරල දාන එක. වැඩේට ඕනෙ කරගොඩක් දේවලුත් ගෙදරම තිබුන එක එක වැඩ වලට ගෙනල්ල. බල්බ් වලට LED දාල පොඩි නැවක් හදන්න තමයි මුල ඉඳන්ම බලාපොරොත්තුව තිබුනෙ.

මුලින්ම ඉතින් පුරුදු විදියට ප්ලෑනක් ගැහුව. නැව පාවෙනව වගේ උඩට පහලට පද්දන්නයි, කුණාටුවක ඉෆෙක්ට් එක දාන්නයි, LED වලට රටා දෙක තුනක් දෙන්නයි ඕනෙ නිසා මයික්‍රොකන්ට්‍රෝලරයක් පාවිච්චි කරන්න වෙනව. වැඩේ ලේසියෙන්ම කරගන්න පුළුවන් නිසා Arduino බෝඩ් එකක් තමයි පාවිච්චි කලේ. අනික ප්‍රෝග්‍රෑම් කරගන්නත් ලේසියි C libraries ගොඩක් තියන නිසා. ඊට පස්සෙ සර්කිට් එක හදාගත්ත.

DC ගියර් මෝටරයක් තමයි නැව උස් පාත් කරන්න පාවිච්චි කරේ. කුණාටු අවස්තාව පෙන්නන්න කුඹ ගහ පද්දන එක තමයි කලේ. ඒකට පාවිච්චි කලේ Servo මෝටරයක්.  LED පාට හතරකින් සෙට් හතරක් පාවිච්චි කලා. ගියර් මෝටරේට ඇස්කලයක් හයි කරල ඒකෙ නූලක් ඔතල මෝටරේ දෙපැත්තට කරකව කරකව තමයි උස් පාත් කලේ. ඒකට L293 IC එකක් පාවිච්චි කලා. Servo මෝටරෙන් කුඹ ගහ වනවද්දි සුදු පාට LED සෙට් එකකින් අකුණු ගහනව වගෙත් ඉෆෙක්ට් එකක් දැම්ම.

මේ තියෙන්නෙ වීඩියෝ එක. මේකෙ කෝඩ් එකයි සර්කිට් එකයි ගැන විස්තරයක් වෙනම දාන්නම්. මේ දවස්වල වෙලාව පොඩ්ඩක් අඩුයි.