සිංදුවක් හොයාගන්න උදව්වක් ඕනෙ

0

Posted by chanakalin | Posted in Uncategorized | Posted on 19-03-2011

කාටහරි මිල්ටන් මල්ලවආරච්චි මහත්මය ගායනා කරන “වරද ඇතිනම් මා අතේ” ගීතයේ MP3 file එකක් හොයල දෙන්න පුළුවන්ද? Google සර්ච් එකෙන් එන්නෙ infolanka.com වල තියන ra file එකක් ගන්න පුළුවන් ලින්ක් එකක් විතරයි.

රාවනා CMS ට තිත….

0

Posted by chanakalin | Posted in Uncategorized | Posted on 14-03-2011

ටිකක් අමාරුවෙන් හිතහදාගත්ත කාරණයක්. ඒ තමයි මම  රාවනා CMS දෙවනි සංස්කරණය බාගෙට වැඩ ඉවරකරල තියෙද්දි ඒක සදහටම නවත්වපු එක. හේතු ගොඩක් තියනව.

  1. තනියම වැඩක් කිරීමේදී වැඩ ගොඩගැසීම.
  2. වාර විභාග ලකුණු නිසා නොසෑහෙන්න බැනුම් ඇසිය යුතු සියල්ලන්ගෙන්ම අසා ගැනීම නිසා වැඩියෙන් ඒවාට හිත යෙදීමට සිදුවීම.
  3. තාක්ෂණික දෝශ (නියපොත්තෙන් කඩන්න ඕනෙ දේ පොරවෙන් කොටපු තැන් තිබුණ)
  4. ඊට වඩා හොඳ CMS නොමිලේ ලබාගැනීමට හැකිවීම හා extensions, plugins විශාල ප්‍රමාණයක් තිබීම.
  5. User Friendly නොවීම.

තව තව ගොඩක් තියනව. දැන් NexIt 2011 එකට පොඩි වැඩක් කරන් යනව. ඒකනම් ගොඩක් දුරට සාර්තකයි. හරිගියොත්නම් පාසල්වලට හොඳයි. දැනට නවතිනව.

අධ්‍යාපනික කටයුතු සඳහා හන්තාන ලිනක්ස්

0

Posted by chanakalin | Posted in Uncategorized | Posted on 27-02-2011

හන්තාන ලිනක්ස් යනු අන්තර්ජාල පහසුකම් අවම හෝ රහිත පරිසරකය සිට අධ්‍යාපනික කටයුතු සඳහා භාවිතා කළ හැකි පහසු මෙහෙයුම් පද්ධතියකි. පාසැල් විශය නිර්දේශයට උපකාරක ලෙස භාවිත කළ හැකි මෘදුකාංග රැසක් මෙහි ඇතුලත් කර ඇත. ආවර්තිතා වගුව, සෞරග්‍රහ මණ්ඩලය සහ තරු රටා අධ්‍යයනය සඳහා  මෙන්ම, ද්විමාණ සහ ත්‍රිමාණ ප්‍රස්තාර නිර්මාණය සහ සමීකරණ විසදීම සඳහා ද මෙහි මෘදුකාංග ඇත. අධ්‍යාපනික ක්‍රීඩා වලින් ද සමන්විත මෙහි ඉලෙක්ට්‍රොනික පරිපත සැලසුම් කරණයට සහ නිර්මාණයට අවශ්‍ය සමාකෘති (simulators) සහ මෙවලම් ද, සඛ්‍යානය සඳහා අවශ්‍ය MathLab මදෘකාංගයට ආදෙශකයක් වන GNUoctave මෘදුකාංගය ද, අවශ්‍ය විටෙක .exe ගොනු භාවිත කිරීම සඳහා wine මෘදුකාංගය ද අඩංගු කර ඇත.

මීට අමතරව පරිගණක ක්‍රමලේඛනය සඳහා භාවිත කරන C++, Python, PHP, Ruby on Rails, OpenJDK මෙන්ම ලොව බහලුව භාවිත කරන Apache වෙබ් සේවා දායකය, MySQL දත්ත සමුදාය කළමණාකරන සේවාදයකය, ජාලය ගොණු කළමනාකරණයට අවශ්‍ය NFS සහ SAMBA සේවාදායක යනාදිය ද මෙහි අඩංගු වීම සුවිශේෂී කරුණකි.

නම් මෙහි අඩංගු වන SELinux (Security Enhanced Linux)  ආරක්‍ෂණ කළමනාකරණ පහසුකම සක්‍රීය කර ගැනීමට ද හැක. එසේම, අවශ්‍ය නම් වෙනත් ලිනක්ස් පද්ධතියක් හෝ වෙනත් වින්ඩෝස් හෝ මැක් වැනි මෙහෙයුම් පද්ධතියක් මෙහි ඇති Kernel-based Virtual Machine (KVM) ඔස්සේ භාවිත කිරීමට ද හැක.

මෙහි, කාර්යාලීය යෙදුම් කට්ටලයට අමතරව ව්‍යපෘති කළමණාකරනයට හා ගෘහස්ත හෝ පුද්ගලික ගිණුම් කළමණාකරනයට අවශ්‍යය මෘදුකාංග ද එක්කර ඇත. එසේ ම ශ්‍රව්‍ය  සහ දෘශ්‍ය සංස්කරණය කිරීම් සහ භාවිත සඳහා මෙවලම්  රැසක් එක්කර ඇත.   එමෙන් ම පද්ධතියට අවශ්‍ය කිරීම් ලබා ගැනීම සඳහා අන්තර්යාලයට සම්බන්ද වීම පමණක් සැහෙන අතර ම, අන්තර්ජාල පහසුකම් සහිත සම තත්ත්වයේ හන්තාන ලිනක්ස් පද්ධතියක් හරහා අවශ්‍ය මෘදුකාංග ලබා ගැනීමට ද හැකියාව ඇත.

පාසැල් සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ අධ්‍යපානික කටයුතු සහ සාමාන්‍ය භාවිතයට සුදුසු ලෙස සකසා ඇති හන්තාන ලිනක්ස් ඉදිරියටත් අඛණ්ඩ ක්‍රියාත්මක වන සහ වීමට සැලසුම් කර ඇති ප්‍රජා ව්‍යාපෘතියකි.  මෙම ව්‍යපෘතිය පිළිබඳ තොරතුරු www.hanthana.org වෙබ් අඩවියෙන් ද, ප්‍රජා වැඩසටහන් පිළිබඳ තොරතුරු blog.hanthana.org යන හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ නිළ බ්ලොග් අඩවියෙන් ද ලබා ගත හැක. හන්තාන පරිශීලක සමූහයට සම්බන්ධ විමෙන් ඔබට, ඔබේ ගැටලු ඉදිරිපත් කර උදව් ලබා ගැනීමට හැකි අතර ප්‍රජාවට උපකාර සැපයීමෙන් දායක වීමට ද හැක.  මෙම මෙහෙයුම් පද්ධතිය පාසැල් ජාලය ඔස්සේ ද, ලබා ගැනීමට දැන් කටයුතු සලසා ඇත. හන්තාන ලිනක්ස් පාසැල් ජාලය තුළින් ලබා ගැනීම  සඳහා මෙම සබැඳිය භාවිත කරන්න.

හන්තාන ලිනක්ස් තිරපිටපත් මෙතනින් බලන්න

පසුගිය පෙබරවාරි 4 වැනි දින සිට පුරා දින 7ක් බුත්තල දී පැවැත්වුණු දැයට කිරුළ 2011 අධ්‍යාපනික සහ වෙළඳ ප්‍රදර්ශනයේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්‍ෂණ ඒකකය විසින් හන්තාන ලිනක්ස් හදුන්වා දීම සිදු කරන ලදි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රදර්ශන කුටි වෙත පැමිණි අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතාට තොරතුරු තාක්‍ෂණ ඒකකයේ ප්‍රධානී අධ්‍යාපන අධ්‍යක්‍ෂක නීල් ගුණදාස මහතා විසින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය අධ්‍යාපන කටයුතු සඳහා වැදගත් වන අයුරු පැහැදිලි කෙරුණි

උපුටාගැනීම “ඩනිෂ්කගේ දිනපොත” වෙතින්