Twitter API සහ PHP

0

Posted by chanakalin | Posted in Uncategorized | Posted on 24-01-2011

මට Twitter එක්ක PHP සම්බන්ධ කරන්න උණක් ඇතිවුණේ අපේ දේදුනු සහෝදරය දාපු පෝස්ට් එකක් නිසා. ඒ උනාට මට වැඩේ හරිගියෙ නෑ. ඔය අතර තමයි Services_Twitter ගැන දැක්කෙ ගූගල් මලයගෙන්.  දැන් මට ඉවසිල්ලක් නෑ. මේ දවස්වල රාවනා ගැනම හිත හිතා ඉන්න නිසා වෙලාවකුත් නෑ. ඕනෙ ඇටිකෙහෙලක් වෙද්දෙන් කියල අද බැලුව Services_Twitter වලින් වැඩක් ගන්න. දැං මම පොර වගේ pear වලින් ඕනෙ පැකේජ් ටික ඉන්ස්ටෝලුත් කරගත්ත.

Twitter වල Application එක රෙජිස්ටර් කරන්න ගියාම තමා හඳේ හාව මතක් උනේ. මගෙ දේවල් තියෙන්නෙ http:127.1.1.4 කියල මේ මැසිමෙම Apache උඩ. 000webhost ගිණුම මතක් උනේ ඒ වෙලාවෙ. දැං කොහොමද එතන pear පැකේජ් ඉන්ටෝල් කරන්නෙ. සදා සොත්ති තමා. ඒ පාර පොඩි කට්ටක් කාල kate වල find in files ඔප්ෂන් එකේ පිහිටෙන් වැඩේ අනාගන්නෙ නැතිව කරගත්ත.

දැං කරන්න තියෙන්නෙ require හරි include හරි කරද්දි ‘Services_Twitter/Twitter.php’ (pear පැකේජ් එක පාවිච්චි කරද්දි) වෙනුවට  ‘./inc/Twitter.php’ කියල දාගන්න එක මෙතන තියන zip file එක එතන extract කරල. ඔය index_2.php කියල තියෙන්නෙ මම අත්හදා බලපු කෝඩ් එක. ඒක බලාගත්තෙනම් http://www.phpkode.com/tips/item/create-a-php-based-twitter-client-with-the-pear-services_twitter-package/ වලින්.

ඕනෙ කට්ටියට තියෙන්නෙ අරං පාවිච්චි කරන්න විතරයි. http://www.mediafire.com/?e9xf5ivabn5f6h9

රාවනා CMS 1.0 ලඟදීම……

0

Posted by chanakalin | Posted in Uncategorized | Posted on 11-01-2011

කට්ටිය දන්නවනෙ මම එකපාරක් CMS එකක් කරා කියල. ඒක මගෙ අදහසේ හැටියටනම් ෆුල් අසාර්ථකයි. මොකද පේජ් එකක ආටිකල් එකක් කරද්දි ඒකෙ ආටිකල් එක හැදෙන්නෙ CSS අගයන් වෙනස් වෙලා. උදාහරණයක් විදිහට ඉමේජ් එකක් ගත්තොත් ඒක පේජ් එකේ මැදතියනවනම් පේජ් එක මැදින් තියවෙන්නෙ CSS අගයන් වෙනස් වීමකින්.  මේ ක්‍රමය නිසා පේජ් එක ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනව. වෙන එකක් තියා මගෙ කම්පියුටරේ Apache වලින් හදාගත්ත වර්චුවල් සර්වරේ දුවද්දිත් මාර ස්ලෝව්. ආයෙ Applications ලියන්න හදපු  Interface එකත් වෙනස් කරනව. කලින් වර්ෂන් එකේ තිබුන Interface එකේ රාවනා හදපු මටවත් වැඩක් කරගන්න බෑ. ඒකෙන් උනේ අපේ ඉස්කෝලෙට වෙබ් සයිට් එකක් අද වෙනකම්ම නැති උන එක විතරයි. Java Applet, Flash Movies දාගන්නනම් කලින්පාරටත් වඩා ලේසි කරන්න බලාපොරොත්තු වෙනව. දැනට කරනයන්නෙ ඒ හරිය.

මම මේක හදන්න මෙච්චරම ට්‍රයි කරන්නෙ ඇයි දන්නවද ? රාවනා alfa එක 27 දෙනෙක් ඩවුන්ලෝඩ් කරල තිබුන නිසා. ඒ අයට මම හින්ද, මගෙ ප්‍රෝග්‍රැමින් දෝශ හින්ද විඳින්න වෙච්ච වදේට මමම විසඳුමක් දෙන්නත් ඕනෙනෙ.

හැබැයි මේකෙ විශේෂත්වෙ template එක අපිම හදාගන්න ඕනෙ. පිටින් ඉන්ස්ටෝල් කරන්න බෑ. මෙකෙන් ඉලක්ක කරන්නෙ පාසල් වෙබ් අඩවි නිසා ඉස්කෝල වල අයට ටෙම්ප්ලේට් එකක් හදාගන්න පුළුවන්නෙ. අනික උදව්වක් ඉල්ලුවම බෑ කියන සිරිත අපේ ගොඩ දෙනෙක් ගාව නෑනෙ 😉  ඒත් ඒ  ගුණාංගය ඉදිරි වර්ශන් එකකදි දෙන්න බලාපොරොත්තු වෙනව. ටික ටික නැගිටින්න ඕනෙනෙ නේද ?

 

අහෝ දුකකි මහා විපතකි…..

0

Posted by chanakalin | Posted in Uncategorized | Posted on 30-12-2010

මේ දවස්වල මම පොඩි වැඩක් කරගෙන යනව. කරන්නෙනම් Java එක්ක MySQL ඩේටාබේස් එකක් පාවිච්චි කරල. මේකෙ ගොඩක් තැන්වල Table පාවිච්චි කරන්න වෙන හින්දයි ඒව සේරම එකම පිලිවෙලකට තියාගන්න ඕනෙ නිසයි  වෙනමම class එකක් හදාගත්ත CustomTable කියල. ඒකෙන් කරන්නෙ database එකේ table එකක් read කරල ඒකෙ විදිහට background color, foreground color, font එහෙම හදාගන්න එක.

දැන් ඔන්න මම එකතැනකට මේක කේල් කරල ගත්ත. මුලින්ම පාවිච්චි කරෙත් එතනම තමයි. දැං ඕං කම්පයිල් එහෙම කරල රන් කරා. මෙන්න බොලේ එකපාරටම එරර් එකක්. කස්ටිය දන්නවනෙ ජාවා වල SQL statement එකක් execute කරද්දි try & catch බ්ලොක් එකක් ඇතුලෙ දාන්න ඕනෙ කියල. ඉතින් බග්ස් හොයාගන්න ලේසිවෙන්න කියල මම ඕව සේරගෙම catch ඇතුලෙ දැම්මෙ MessageDialog එකක එරර් එක පෙන්නන්න. ඇයි ඉතින් දැක්ක කෙනාට ලේසියෙන්ම පුළුවන්නෙ screenshot එකක් අරං දෙන්න.  ඕං ඔය පල්ලෙ තියනව වගේ ආපි MessageDialog එකක්.

මට ආව ප්‍රශ්නෙ දැං මේකෙ මොකවත් නැති එක. අද උදේ ඉඳලම මේක හදන්න බැලුව. බැලුව බැලුව මොකුත් පේන්න නෑ. අනිතිමේ තමා දොසෙ අහුවුණේ. බැලින්නම් මම සූටි වැරැද්දක් කරල. CustomTable class එකේ විදිහට ඒකට වෙනම stmt කියල databse එකට ඇක්සස් කරන්න statement එකක් පාස් කරන්න ඕනෙ. බැලින්නම් මම ඒක කරල නෑ. CustomTable ඇතුලෙ statement එක default තියෙන්නෙ null කියල. ඉතින් ඒක තමා මොකුත් නැතුව මැසේජ් ඩයලොග් එක ආවෙ. ඔය පස්සෙ රතුවට මාක් කරපු ලයින් එක දාල නැති නිසා තමයි මම දවසක්ම කට්ට කෑවෙ.

සහෝදර සහෝදරියනි,
කොරනා සියල්ල දැඩි අවධානයෙන් සිදුකිරීමෙන් නොවේ මෙවන් විපත්.