ගෙදරදිම Arduino UNO clone එකක් හදමු

5

Posted by chanakalin | Posted in Arduino, Robotics, අත්හදා බැලීම් | Posted on 12-08-2012

ටික දවසකට කලින් යාළුවෙකුට Arduino UNO compatable board එකක් හදල දුන්න. ඒක නම් කලේ වෙරෝ බෝඩ් එකක් උඩ. දැන් ලඟ නැති නිසා ෆොටෝ එකක් හොයාගන්න ගිහින් තමයි මේ පෝස්ට් එක ටිකක් පරක්කු වුණේ. හැබැයි හදද්දි වැඩේ වන වෙයි කියල බයට මුලින්ම PCB එකක් ඇන්ද kicad වලින්. Arduino බෝඩ් එකක ප්‍රධාන කොටස් දෙකයි තියෙන්නෙ. එකක් USB to Serial කන්වර්ටරයක් අනික Arduino bootloader එක දාපු මයික්‍රොකන්ට්‍රෝලරේ. අපි කලේ මේකෙ USB to Serial කන්වර්ටරයක් නැතිව Arduino bootloader එක දාපු  මයික්‍රොකන්ට්‍රෝලරයක් විතරක් පාවිච්චි කරපු එක.

හරියටම කීවොත් Schematic එක අරගෙන ඒකෙ Atmega328 එකේ RX TX පින් වලින් තියන සම්බන්ධය අයින් කරල සර්කිට් එක දෙකට කඩපු එක. ප්‍රෝග්‍රෑම් කරගන්න RX TX පින් දෙකට MAX232 IC එකක් දාල ගත්ත මේකෙන් වැඩ කරන කෙනාගෙ කම්පියුටරේ serial port තියන නිසා. Serial port නැතිනම් Ebay වලින් වගේ USB to Serial converter එකක් ගන්න (මේකක් තමයි අපි ගත්තෙ USB විතරක් තියන ඒවට)

වියදම වැඩිම වුනොත් රු.700 ක් විතර යන්න ඇති. USB to Serial converter ගත්තත් සම්පූර්ණ වියදම රු.1000 ක් විතර තමයි වෙන්නෙ. Atmega328 එක රු.500කට Lankatronics වලින් ගන්න පුළුවන්. අනිත්වනම් ඕනෙ තැනක ගන්න තියන දේවල්. MAX232 දාල හදාගන්න විදිය අඳුන් අයියගේ බ්ලොග් එකේ තියනව. PCB ඩිසයින් එක පහලින්  ඩවුන්ලෝඩ් කරල ගන්න.

 

Download

 

ගෙදරටම ඉලෙක්ට්‍රොනික් උපාංග ගෙන්නගන්න ඕනෙද? ලංකාවෙ ආයතනයකම සේවාවක්

2

Posted by chanakalin | Posted in Robotics | Posted on 09-07-2012

මගෙ යාළුවෙකුගෙ වැඩකට Atmega328 මයික්‍රෝකන්ට්‍රෝලර් දෙකක් ගන්න ඕනෙ උනා.  හදිස්සිම වැඩකට. සාමාන්‍යයෙන් කරන Ebay වලින් ගැනිල්ල කරන්නත් බෑ. ඔය අතරෙ තමයි මට මතක් උනේ Electronic inside ෆෝරමයෙ දැක්ක කියල ලංකාවෙ ආයතනයක් තැපැල් මාර්ගයෙන්ම ඉලෙක්ට්‍රොනික් උපාංග ගෙදරට එවන සේවාවක් පටන් ගත්ත කියල.

ආයතනය තමයි Aptinex. මිලත් ගොඩක් සාධාරණයි (Ebay වලින් ගන්නවටත් වඩා අඩුවට ලැබුණ) අනික ගොඩක් තැන්වල නැති කඩිනම් සුහදශීලී සේවය කියන දේ මෙයාල ගාව උපරිමේටම තියනව. ඕනෙකමක් තියනවනම් ඔයාලත් මේගොල්ලො එක්ක ගණුදෙනු කරල බලන්න.

C++ වලදි Multi thread programming

1

Posted by chanakalin | Posted in GTK, Linux, අත්හදා බැලීම් | Posted on 01-06-2012

පොඩි වැඩකට මේ ලඟදි එකම වෙලාවෙ ප්‍රෝග්‍රෑම් එකක Loop දෙකක් රන් කරගන්න ඕන වුණා. Serial port එකක් රීඩ් කරල ඒකෙන් ලැබෙන ඉන්පුට් එකට. මීට කලින් මේ වැඩේ කරල තියෙන්නෙ Java වලින් rxtxComm පාවිච්චි කරල විතරයි. ඒත් මේ පාර වැඩේ කරන්න උනේ C++ වලින්. අන්තිමේ ගූගල් දෙයියගෙන් අහද්දි තමයි උත්තරේ හම්බුණේ. GTK වලින්ම gthread පාවිච්චි කරල. GUI එකක් හදල වැඩ කරද්දි උනත් ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. ට්‍රයි එකක් දාලම බලන්න.

http://developer.gnome.org/glib/2.31/glib-Threads.html